2025 ජනවාරි 23, ප.ව. 4:59
පැනමා ඇලේ පාලනය ඇමරිකාව වෙත යළි ලබාගත යුතු යයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශ කෙරුණ පසුබිමක රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පැනමාවේ සංචාරයකට සූදානම් වනවා.
රාජ්‍ය ලේකම් ලෙස කෙරෙන පළමු විදෙස් සංචාරයෙහි කොටසක් ලෙසයි ඔහු පැනමාව වෙත සංචාරය කරන්නට නියමිතව ඇත්තේ.
එම සංචාරයේදී ඔහු ග්වාතමාලාව, එල් සැල්වදෝරය, කොස්ටාරිකාව සහ ඩොමිනිකන් ජනරජය යන රටවල ද සංචාරය කරනු ඇතැයි සඳහන්.
රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ඇමරිකාව බටහිර අර්ධගෝලය අමතක කිරීමට සූදානම් නැති බවයි.
මෙම සංචාරයේදී ආර්ථික වර්ධනය, සැපයුම් දාම ශක්තිමත් කිරීම සහ අනවසර සංක්‍රමණිකයන් නැවැත්වීම පිළිබඳව ද රූබියෝ මෙම රාජ්‍යයන් සමග සාකච්ඡා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
2025 පෙබරවාරි 16, ප.ව. 1:32
2025 පෙබරවාරි 16, ප.ව. 1:10
2025 පෙබරවාරි 15, ප.ව. 12:47
2025 පෙබරවාරි 13, පෙ.ව. 7:57
2025 පෙබරවාරි 12, ප.ව. 11:57