hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 9:30



සිරියාවෙහි සේවය කරමින් සිටි ඉරාන ජෙනරල්වරයකු වූ සයෙද් රාසි මුසාවි ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියාවේ අගනුවර ඩමස්කස් ආසන්නයේ යි.

ඉරානයේ විප්ලවීය මුරභට හමුදාවේ නිලධාරියකු වූ සයෙද් රාසි මුසාවි එහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වූ අතර සිරියාව සහ ඉරානය අතර හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ද කටයුතු කළා. ඔහුගේ සන්නද්ධ හමුදා සේවා කාලය අවුරුදු 36 ක් වන බවයි ඉරාන මාධ්‍ය පවසා තිබුණේ.

මෙම නිලධාරියා ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවේ විශේෂ බලකාය වූ කුද්ස් බලකායේ හිටපු ප්‍රධානී කාසෙම් සුලෙයිමානිට සමීප වූ අයකු බව ද සඳහන් වනවා. කාසිම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපලේදී සිදුවූ ඇමරිකානු ප්‍රහාරයකින් 2020 ජනවාරියේදී මරණයට පත්වුණා.