hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2023 දෙසැම්‍බර් 25, ප.ව. 9:03



ඉරිදා සර්බියාවේ අගනුවර බෙල්ග්‍රේඩ් හි නගර සභා ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් කඩාවැදීමට තැත් කිරීම එරට “වර්ණ විප්ලවයක්” සිදුකිරීමේ උත්සාහයක කොටසක් බව රුසියාව පවසනවා.

එරට විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මාරියා සහාරවා පවසන්නේ මෙම උත්සාහය පිටුපස බටහිර රටවල් සිටින බවයි.

වර්ණ විප්ලව යන යෙදුම සාමාන්‍යයෙන් භාවිතා වන්නේ බටහිරට පක් ෂපාතීව විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ ඇතිවන විරෝධතා හැඳින්වීම සඳහා යි

සර්බියාවේ පසුගියදා පැවති මහමැතිවරණයෙන් සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය ජයග්‍රහණය කළා. කෙසේ වෙතත් එම ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළ “ප්‍රචණ්ඩත්වයට එරෙහි සර්බියානුවෝ” සන්ධානය බෙල්ග්‍රේඩ් හි විරෝධතා පළකරමින් සිටියා. නගර සභා ගොඩනැගිල්ලට කඩාවැදීමේ උත්සාහය සිදුවූයේ ඒ අතරතුරයි.

මේ අතර ජනාධිපති අලෙක්සන්දර් වුචිච් ද මෙම උත්සාහය පිටිපස බටහිර බලවේග සිටින්නේ යයි සැක පළකර සිටියා. මෙම අනතුරු ඇඟවීම පිළිබඳ රුසියාවට ස්තූතිවන්ත වන්නේ යයි සර්බ් අගමැතිවරිය ද ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අද ද බෙල්ග්‍රේඩ් හි උද්ඝෝෂණ පවතින බවයි වාර්තා වූයේ.