2024 දෙසැම්‍බර් 15, ප.ව. 6:12
දකුණු කොරියානු ජනාධිපති යූන් සුග් යොල්ට එරෙහිව ඉදිරිපත් වූ දෙවන දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා.
යූන් විසින් නොබෝදා යුධ නීතිය පැනවීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසින් එම උත්සාහය ව්‍යර්ථ කළ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණා. කෙසේ වෙතත් එම දෝෂාභියෝගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරය ලැබුණේ නැහැ.
එයින් දින ඉහිපයකට පසු දෙවන දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරුණ අතර එයට මන්ත්‍රීන් 300 න් 204 ක් දෙනාගේ අනුමැතිය ලැබුණා.
මේ අනුව ජනාධිපතිගේ වැඩ අත්හිටුවන අතර ඔහුට එරෙහි දෝෂාභියෝගය විභාගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත යොමු වනවා. එහි විනිසුරන් නවදෙනාගෙන් සය දෙනකු එම දෝෂාභිහියෝගය පිළිගන්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කෙරෙනවා.
මේ අතර යුධ නීතිය පැනවීමේ සිද්ධියට අදාලව ජනාධිපති ප්‍රමුඛ පිරිසකට එරෙහිව පොලිස් පරීක්ෂණ දැනටත් ක්‍රියාත්මකයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24