2023 දෙසැම්‍බර් 27, ප.ව. 10:25
ඔස්කාර් සම්මානයෙන් පිදුම්ලත් දකුණු කොරියාවේ Parasite චිත්‍රපටයෙහි රංගනයෙන් දායක වූ 48 හැවිරිදි චිත්‍රපට නළු ලී සුන්-ක්‍යුන් මියගොස් තිබෙනවා.
අද උදෑසන ඔහුගේ මෝටර් රථය තුළදී ඔහු සිහිසුන්ව සිටිනු සොයාගෙන තිබුණේ ඔහුගේ කළමනාකරු විසින් පැය කිහිපයකට පෙර පොලිසියට කළ දුරකථන ඇමතුමකින් පසුයි. ලී, සියදිවි නසාගැනීමේ සටහනකට සමාන ලියවිල්ලක් තබා නිවසින් පිටව ගොස් තිබුණේ යයි ඔහුගේ කළමණාකරු දන්වා තිබුණා.
ලී සුන්-ක්‍යුන්ව පසුගිය සමයේදී දකුණු කොරියානු පොලිසිය විසින් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්කර තිබුණා. ඒ එරට මේ දිනවල සිදුකෙරෙන මත්ද්‍රව්‍ය පාලන ක්‍රියාමාර්ග අතරතුරයි. කෙසේ වෙතත් තමන් මත්ද්‍රව්‍ය භාවිතා නොකළ බව ලී අවධාරණය කරනවා.
දකුණු කොරියාවේ මත්ද්‍රව්‍ය නීති කඩන්නකුට මුල් වතාවේදී මාස හයක සිර දඬුවමක් හිමිවිය හැකි බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් කලින් එවැනි වැරදිවලට හසුව තිබේ නම් එම දඬුවම වසර 14 ක සිර දඬුවමක් දක්වා ඉහළ යා හැකියි.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48