2024 දෙසැම්‍බර් 04, ප.ව. 4:07
දකුණු කොරියානු ජනාධිපති යුන් සුග් යොල්ට එරෙහිව එරට විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් දෝෂාභියෝග යෝජනාවක් බාර දී තිබෙනවා.
දකුණු කොරියාවේ වෙලාවෙන් අද සවස 2.43 ට මෙම යෝජනාව භාර දුන් බවයි වාර්තා වන්නේ. ඊට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සහ තවත් පක්ෂ කිහිපයක මන්ත්‍රීන් ද ඇතුළුව මන්ත්‍රීන් 190 දෙනකුගේ අත්සන් ලැබී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් යුධ නීතිය පැනවීම මෙම දෝෂාභියෝගයට හේතු වී තිබෙනවා. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රීන් 190 දෙනකු විසින් ඊයේ රාත්‍රියේදී සම්මත කළ යෝජනාවක් මගින් පරාජය කෙරුණා.
දෝෂාභියෝගය පිළිබඳ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතුරින් තුනෙන් දෙකක, එනම් අවම වශයෙන් 200 දෙනකුගේ අනුමැතිය අවශ්‍ය වනවා. ජනාධිපතිවරයාගේ ජනතා බලය පක් ෂයේ මන්ත්‍රීන් 108 දෙනාගෙන් අවම වශයෙන් අට දෙනකුගේ සහය එම යෝජනාවට ලැබිය යුතු වනවා.
දෝෂාභියෝගය සම්මත වුවහොත් ජනාධිපතිවරයාගේ වැඩ අත් හිටුවන අතර අගමැතිවරයා වැඩබලන ජනාධිපති බවට පත්වනවා. දෝෂාභියෝගය විභාගයට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය හමුවට යොමුවන අතර එහි සාමාජිකයන් නව දෙනාගෙන් සය දෙනකුගේ අනුමැතිය ලදහොත් ජනාධිපතිවරයා ධුරයෙන් නෙරපනු ලැබෙනවා. එවිට දින හැටක් තුළ මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.
2025 ජනවාරි 24, ප.ව. 12:50
2025 ජනවාරි 24, ප.ව. 12:25
2025 ජනවාරි 23, ප.ව. 4:59
2025 ජනවාරි 21, ප.ව. 12:14
2025 ජනවාරි 21, පෙ.ව. 10:04