hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 22, ප.ව. 8:40



ඇමරිකාවේ වොෂිංටන් ඩී.සී. හි යුදෙව් කෞතුකාගාරය අසළදී ඊශ්‍රායල තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් දෙදෙනකුට වෙඩිතබා ඝාතනය කළ සිද්ධියට සැකපිට අයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇමරිකාවේ වෙලාවෙන් ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුවුණා. එයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ චිකාගෝ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි එලියාස් රොඩ් රිගුවේස් නමැත්තෙක්.

ඔහු වෙඩි තැබීමට පෙර කෞතුකාගාරය ඉදිරිපස සැරිසරමින් සිටි බව දැනගන්නට ලැබී තිබෙනවා. එයින් පිටතට පැමිණෙන පිරිසක් දැක ඔවුන් වෙත ගොස් ඔහු වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන්පසු කෞතුකාගාරය තුළට ගොස් තිබෙනවා. ඇතුලත සිටි පුද්ගලයන් විශ්වාස කර ඇත්තේ ඔහු කලබලයට පත්ව ආරක්ෂාව සොයාගෙන පැමිණි බවයි. ඔහු අත ගිනි අවියක් එම අවස්ථාවේ තිබී නැහැ.

මෙම පුද්ගලයා වෙඩිතැබීම සිදුකළ තැනැත්තා යැයි සැකය යොමුව ඇත්තේ පසුවයි. ඒ අනුව පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.