2022 ජූනි 24, ප.ව. 12:28
ඇමරිකානු කලාත්මක පිහිනුම් ක්‍රීඩිකාවක් වන ඇනිටා අල්වාරෙස් ලෝක ජල ක්‍රීඩා ශූරතාවලියේදී ක්ලාන්ත වීමෙන් පසු ඇගේ පුහුණුකරු විසින් තටාකයේ පතුලේ සිටියදී ඇයව බේරාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බුඩාපෙස්ට්හි පැවති ඒකල නිදහස් අවසන් තරගය අවසන් කිරීමෙන් පසු 25 හැවිරිදි ඇය හුස්ම ගනිමින් නොසිටි බවයි පැවසෙන්නේ
එක්සත් ජනපද පිහිනුම් කණ්ඩායම ප්‍රකාශයක් නිකුත් කරමින් අල්වාරෙස්ට “දැන් හොඳක් දැනෙනවා” යනුවෙන් සඳහන් තිබෙනවා.
පසුගිය වසරේ බාර්සිලෝනා හි පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගයකදී ද අල්වාරෙස් ක්ලාන්ත වී ඇති අතර, එම අවස්ථාවේදී ද පුහුණුකරු ඇන්ඩ්‍රියා විසින් ඇයව බේරා ගෙන තිබෙන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24