hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 දෙසැම්‍බර් 11, ප.ව. 11:45



ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්වලින් සිරියානු නාවික හමුදාවේ යාත්‍රා බොහොමයක් විනාශ වී ඇතැයි වාර්තා වනවා.

ඉකුත් දින කිහිපය තුළ ඊශ්‍රායලය විසින් සිරියාවේ ඉලක්ක තුන්සියයකට වැඩි ප්‍රමාණයක් වෙත ප්‍රහාර එල්ල කළා. සිරියාවේ හමුදා හැකියාවෙන් සියයට 70 ක් පමණ විනාශ කළ බවයි ඊශ්‍රායලය කියා සිටියේ.

සිරියාවේ නාවික හමුදාව සාපේක්ෂව එතරම් විශාල නැහැ. එය සතුව මිසයිල යාත්‍රා 22 ක්, මුර සංචාරක යාත්‍රා 16 ක්, මුහුදු බෝම්බ සොයන යානා හතක් සහ තවත් යාත්‍රා කිහිපයක් වූ බව විශ්වාස කෙරෙනවා.