hit counter

2025 ජනවාරි මස 22 වන බදාදා

2024 දෙසැම්‍බර් 01, පෙ.ව. 10:13



සිරියාවේ හයාට් තහ්රීර් අල්-ෂාම් (HTS) ත්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයන් මේ වනවිට අලෙප්පෝ නගරයේ විශාල කොටසක් මෙන්ම එහි ජාත්‍යන්තර ගුවන් තොටුපල ද අල්ලාගෙන තිබෙන බව වාර්තා වනවා.

නොවැම්බර් 27 වනදා ඔවුන් විසින් ඇරඹූ ප්‍රහාරයේදී දින දෙකක් තුළ ඔවුන් අලෙප්පෝ නගර මධ්‍යය කරා පැමිණි අතර ඊයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල කරා පැමිණියා.

නගරයේ උතුරුදිග පිහිටි ශෙයික් මක්සූද් ප්‍රදේශය වෙත කුර්දි සටන්කාමීන් පැමිණි බව ද වාර්තා වී ඇති අතර එහි සටන් ඇතිවිය හැකි යයි විශ්වාස කෙරෙනවා.

මේ අතර සිරියානු සහ රුසියානු ගුවන් හමුදා HTS සන්නද්ධ භටයන් ඉලක්ක කරගෙන ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. සිරියානු හමුදාවේ 25 වන විශේෂ මෙහෙයුම් බලකාය සහ 4 වන සන්නාහ සන්නද්ධ ඩිවිශනය සිය හමුදා ඒකරාශි කරමින් සිටින බව ද වාර්තා වුණා.

HTS සටන්කාමීන් මේ වනවිට ඉඩ්ලිබ් ප්‍රාන්තයේ බලය සම්පූර්ණයෙන්ම අල්ලාගෙන හමා ප්‍රාන්තය වෙත ද ඇතුල් වී තිබෙන බව ද සිරියාවෙන් වාර්තා වනවා.