hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, ප.ව. 7:15



තායිවානයට අද බලපෑ භූමි කම්පාවෙන් පුද්ගලයන් 9 දෙනකු මියගොස් තවත් 946 දෙනකු තුවාල ලබා තිබෙනවා.

මැග්නිටියුඩ් 7.2 භූකම්පනයෙන් වැඩිම හානි සිදුවූයේ හුආලියෙන් ප්‍රදේශයේ යි.

භූමි කම්පාවෙන් අනතුරුව පසු කම්පනයන් ද වාර්තා වී ඇති අතර තායිපේ අගනුවරට ද එය දැනී තිබෙනවා. බලධාරීන් පවසන්නේ භූමි කම්පාවෙහි ප්‍රබලත්වය හේතුවෙන් දින කිහිපයක් යනතුරු පසු කම්පනයන් වාර්තා විය හැකි බවයි.

1999න් පසුව තායිවානයේ වාර්තා වූ විශාලම භූමි කම්පාව මෙය බවයි තායිවාන බලධාරීන් පවසන්නේ.