2023 සැප්‍තැම්‍බර් 13, ප.ව. 11:26
චීනයෙන් එල්ලවන අභියෝගයන්ට මුහුණදීම සඳහා තායිවානය තම ඩ්‍රෝන සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ නැංවීමට අදහස් කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එරට ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කළ 2023 ජාතික ආරක්ෂක වාර්තාවෙහි මේ බව සඳහන්. මේ අනුව 2028 වනවිට මිලිටරි ඩ්‍රෝන 700 ක් සහ සම්ප්‍රදායික නියමුවන් නොමැති යානා 7000 ක් තමන් සතු කරගැනීමට තායිවාන සන්නද්ධ අංශ බලාපොරොත්තු වනවා.
2023 ජාතික ආරක්ෂක වාර්තාව මගින් සන්නද්ධ හමුදා ශක්තිය පුළුල් කිරීමේ පස් වසරක සැලැස්මක් එළිදක්වා තිබෙනවා. එමගින් විදේශයන් වෙතින් අවි මිලදී ගැනීම, දේශීය යුධ අවි කර්මාන්තය පුළුල් කිරීම, මිත්‍ර රටවල් හා කෙරෙන යුධ අභ්‍යාස, හමුදා සඳහා බඳවාගැනීම් වැඩි කිරීම වැනි යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
චීනයේ නැගීමත් සමග බටහිර පැසිෆික් කලාපයේ බලවතුන් අතර තරගය තීව්‍ර වී ඇති බව පෙන්වාදෙන තායිවානය, චීනය විසින් සිදුකළ හැකි ආක්‍රමණයක් සඳහා සූදානම්ව සිටීමේ වැදගත්කම පෙන්වා දෙනවා. එමෙන්ම චීනය පාලනය කළ හැකි භූගෝලීය පිහිටීමක් සහිත ස්ථානය ද තමන් බවයි තායිවානය පවසන්නේ.
2025 ජනවාරි 02, ප.ව. 2:25
2024 දෙසැම්බර් 29, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 27, පෙ.ව. 6:44
2024 දෙසැම්බර් 23, ප.ව. 12:49
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:34