hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 ජූනි 28, ප.ව. 3:49



ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ අතහැර දමා තිබියදී හමුවූ ට්‍රක් රථයක් තුළ තිබී පුද්ගල මළ සිරුරු 46ක් හමුවී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රාන්ත බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එසේ මියගොස් ඇත්තේ අනවසර සංක්‍රමණිකයින් පිරිසක් බවයි.

එම ට්‍රක් රථය හමුවූ ප්‍රදේශය සැන් ඇන්තෝනියෝ ලෙස හැඳින්වෙන අතර එම ප්‍රදේශය මෙක්සිකානු දේශ සීමාවට ආසන්න බවද විදීස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.