hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2022 මාර්තු 15, ප.ව. 3:01



සුපිරි හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ විසින් යුක්රේනය වෙත ඇමරිකන් ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කිරීමට තීරණය කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටයිටැනික් පෙම්වත යන විරුදාවලිය ලැබූ සිටින සුපිරි නළු ඩිකැප්රියෝ ගෙන ඇති මෙම තීරණය මේ වන විට මුළු මුළු ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

සිය මිත්තනියගේ උපන් භූමිය යුක්රේනයේ ඔඩැස්සා වන බැවින් රුසියානු ආක්‍රමණය නිසා එරට මුහුණ දී සිටින පීඩාවන්ගෙන් මිදීම පිණිස මෙම මුදල පරිත්‍යාග කිරීමට ඔහු පෙළඹී ඇති බව එම මාධ්‍ය වාර්තා වල සඳහන් වෙනවා.