2024 ජනවාරි 02, ප.ව. 6:24
ජපානයේ තෝකියෝ අගනුවර හනේදා අන්තර්ජාතික ගුවන්තොටුපලේ සිදුවූ අනතුරෙන් ජපන් වෙරළාරක්ෂක හමුදාවේ ගුවන් යානයක ගමන් ගත් පස් දෙනකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.
මෙම ගුවන් යානය ධාවන පථයේ වූ එයාර්බස් A350 මගී ගුවන් යානයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. මගී ගුවන් යානයේ මගීන් 367 ක් සහ කාර්යය මණ්ඩලය 12 දෙනකු වූ අතර ඔවුන් ඉවත් කරගන්නට සමත් වුණා.
මෙම අනතුර සිදුවූයේ ජපානයේ වෙලාවෙන් සවස 6 ට පමණයි. වෙරළාරක්ෂක ගුවන් යානය ඊයේ සිදුවූ භූමි කම්පාවෙන් පසු සහන සේවා කටයුතුවල නිරත වූවක් බව වාර්තා වනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48