hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූනි 16, ප.ව. 3:30



සමරිසි අර්ථ කථනයන් නිරූපණය කිරීම නිසා දේදුනු වර්ණයන්ගෙන් වෙළෙඳපොළ තුළ දැනට පවතින සියලුම සෙල්ලම් බඩු, ඇඳුම් පැළඳුම්, ඇතුළු ද්‍රව්‍ය සිය භාරයට ගැනීමට සෞදි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදන තරුණ දරුවන් ඉලක්ක කරගත් “විසක්” ලෙසයි සෞදි රාජ්‍ය මාධ්‍ය හඳුන්වන්නේ.

සෞදි අරාබිය තුළ සමරිසි හැසිරීම්, නිරූපණය කිරීම්, අර්ථකථනය කිරීම් හෝ ඊට පොළඹ වන සුළු ක්‍රියාවන්හි නිරත වීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදක් ලෙස සැලකෙනවා.

මීට පෙර ද අවස්ථා රැසක දී ඩිස්නි සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට මගින් සමරිසි අර්ථකථනයන් නිරූපණය වන බවට චෝදනා කරමින් එරට තුළ තිරගතවීම් ද අත්හිටවනු ලැබුවා.