hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 ජනවාරි 03, ප.ව. 3:59



වෙනෙසුවේලා ජනාධිපති නිකුලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගත් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ස්වකීය ටෘත් සෝශල් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

වෙනෙසුවේලාව වෙත අද දින දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව ද ට්‍රම්ප් තහවුරු කර සිටියා.

කරාකස් අගනුවරට මෙන්ම තවත් ස්ථාන කිහිපයකටම මෙම ප්‍රහාර එල්ලවී තිබුණා.