hit counter

2024 මැයි මස 08 වන බදාදා

2024 පෙබරවාරි 15, ප.ව. 6:51



එළඹෙන ඇමරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගතහොත් ඔහු යුක්‍රේනියානුවන්ට සාම කතා සඳහා යොමුවන ලෙස බල කරනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.

ට්‍රම්ප්ගේ උපදේශකයින් මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා කර ඇති බවයි ඒ පිළිබඳ බ්ලූම්බර්ග් සමග පැවසූ පුද්ගලයන් දන්වා ඇත්තේ.

යුක්‍රේනයට දෙන යුධ ආධාර නවතා දමන බවට තර්ජනය කිරීම තුලින් යුක්‍රේනය ඒ සඳහා පොළඹවා ගතයුතු යයි එයින් එක් උපදේශකයකු සඳහන් කර තිබෙනවා.

මේ අතර නේටෝ සංවිධානය සම්බන්ධව ද ට්‍රම්ප් වෙනස් පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ සලකා බලන බව වාර්තා වනවා. ඒ අනුව සාමාජික තත්ත්වයන් දෙකක් පිළිබඳ සලකා බැලීමට ට්‍රම්ප් යොමුවී තිබෙනවා. තම දළ ජාතික නිශ්පාදිතයෙන් කිසියම් නිශ්චිත ප්‍රමාණයක් ආරක්ෂාව සඳහා වෙන් කරන රටවල්වලට ප්‍රමුඛතාවය ලබාදෙන ආකාරයේ ක්‍රමයක් පිළිබඳ ට්‍රම්ප් අවධානය යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.