2025 පෙබරවාරි 02, ප.ව. 2:18
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙක්සිකෝවට, කැනඩාවට සහ චීනයට එරෙහිව තීරුබදු පනවා තිබෙනවා.
මේ අනුව කැනඩාවට සහ මෙක්සිකෝවට එරෙහිව සියයට 25 ක තීරුබද්දක් පනවා ඇති අතර චීනයට එරෙහිව පනවා ඇත්තේ සියයට 10 ක තීරු බද්දක්. කැනඩාවෙන් ගෙන්වන ඛනිජ තෙල් සඳහා පනවා ඇති බද්ද සියයට 10 ක් වනවා. එළඹෙන අඟහරුවාදා පටන් මෙම තීරුබදු ක්‍රියාත්මකයි.
ඇමරිකාව පවසන්නේ මෙක්සිකෝව සහ කැනඩාව සිය දේශසීමා ආරක් ෂා කිරීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවයි. ඇමරිකාවට ෆෙන්ටනිල් මත් ද්‍රව්‍යය දේශසීමාව හරහා ගෙනෙන බව ඇමරිකාව චෝදනා කරනවා. මෙක්සිකෝ ආණ්ඩුවට මත් ජාවාරම් කල්ලි සමග සබඳතා ඇතැයි ද ට්‍රම්ප් චෝදනා කර තිබුණා. මෙම චෝදනා මෙක්සිකෝව ප්‍රතික්ෂේප කරනවා.
මෙක්සිකෝ සහ කැනඩා ආණ්ඩු ට්‍රම්ප්ගේ තීරුබදුවලට ප්‍රතිචාර දක්වන බව කියා සිටියා. කැනඩාව ඇමරිකානු භාණ්ඩ ගණනාවක් මත තීරුබදු පැනවීමට පියවර ගන්නා බව සඳහන් කළා.
2026 ජනවාරි 11, ප.ව. 11:50
2026 ජනවාරි 10, ප.ව. 9:05
2026 ජනවාරි 10, පෙ.ව. 2:27
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56