hit counter

2025 පෙබරවාරි මස 17 වන සඳුදා

2025 ජනවාරි 18, ප.ව. 10:21



ජනවාරි 20 වනදා දිවුරුම් දීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිල ඡායාරූපය දේශපාලන ලෝකයේ කතාබහට හේතු වී තිබෙනවා.

සාමාන්‍යයෙන් දැක්වෙන පරිදි සිනාමුසුව සිටින ඡායාරූපයක් වෙනුවට මෙවර ඔහුගේ ඡායාරූපයේ දැක්වෙන්නේ තියුණු බැල්මකින් යුක්තව සිටින ස්වරූපයක්.

මෙය 2023 දී ඔහුව ඇට්ලන්ටා හි අධිකරණයක් හමුවට කැඳවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයෙහි ස්වරූපයට ආසන්න වනවා. එකළ ඔහු තමන් කිසිලෙසකින් යටත් නොවන බව පවසමින් එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අතර එය ඉතා ප්‍රකට ඡායාරූපයක් බවට පත්වුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් නව ඡායාරූපයෙහි ඔහු සාමාන්‍යයෙන් පළඳින රතු ටයි පටියක් වෙනුවට නිල් පැහැති ටයි පටියක් පැළඳ සිටිනවා.

2016 ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ට්‍රම්ප් විසින් නිකුත් කළ නිල ඡායාරූපයෙහි ද ඔහු සිටින්නේ සිනහවෙමින්. නමුත් මෙවර ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ ස්වභාවයක් ඔහු පෙන්නුම් කරනවා.