hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2024 ජනවාරි 27, ප.ව. 11:04



ජනමාධ්‍යවේදිනියක සහ ලේඛිකාවක වන ඒ. ජීන් කැරොල්ට ඩොලර් මිලියන 83.3 ක වන්දියක් ගෙවන ලෙස නිව් යෝර්ක් නුවර මෑන්හැටන් හි ජූරි සභාවක් විසින් නියම කර තිබෙනවා.

ට්‍රම්ප්ට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල කළ අවස්ථාවේ ඇය මුසාවක් පවසන්නේ යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් තම කීර්තිනාමයට හානියක් ඔහු විසින් කරන ලද බව කැරොල් චෝදනා කර තිබුණා. අධිකරණය විසින් ප්‍රකාශ කරන ලද්දේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය මගින් කැරොල්ගේ කීර්ති නාමයට හානියක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ට්‍රම්ප් මෙම චෝදනා ප්‍රතික් ෂේප කරනවා. ඇමරිකානු අධිකරණ පද්ධතිය පාලනයකින් තොර තත්ත්වයක පවතින බවත් තමන් නැවත ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට තම විරුද්ධවාදීන් විසින් තමා දඩයම් කිරීම අරඹා ඇති බවත් ඔහු චෝදනා කරනවා.