2024 නොවැම්බර් 07, ප.ව. 7:01
තම පළමු ධුර කාලයේදී ISIS සංවිධානය පරාජය කිරීමට කළ යුද්ධය හැර යුද්ධ නොවූ බවත්, තමා යුද්ධ ඇරඹීමට නොව සාමය පවත්වාගැනීමට කටයුතු කරන බවත් ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටින්නේ තමාට ඇමරිකාවේ කලු ජාතික, හිස්පැනික, ආසියානු, අරාබි, මුස්ලිම් ජනතාව ඇතුළු ඓතිහාසික ජනතා සන්ධානයක් සහය දැක්වූ බවයි. මෙහිදී ඔහු යුදෙව් ජනතාව පිළිබඳ සඳහන් කළේ නැහැ. යුදෙව් ජනයා සාමාන්‍ය පරිදිම වැඩියෙන් ඩිමොක්රටික් පක්ෂය වෙත සහය දැක්වූ බවයි පෙනීගොස් ඇත්තේ.
ඇමරිකානු ඉතිහාසය තුළ වරක් ජනාධිපති ධුරය දරා, පැරදී, නැවත තරග කර ජයගත් දෙවන ජනාධිපතිවරයා බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වුණා. මීට පෙර එසේ වෙනස් ධුර කාල දෙකක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයා ලෙස ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් ඉතිහාසගත වී තිබෙනවා. ඔහු 1885-89 සමයේද 1893-97 සමයේද ජනාධිපති ධුරය දැරුවා.
2024 දෙසැම්බර් 05, පෙ.ව. 7:55
2024 දෙසැම්බර් 04, ප.ව. 4:07
2024 දෙසැම්බර් 04, ප.ව. 3:05
2024 දෙසැම්බර් 03, ප.ව. 11:27
2024 දෙසැම්බර් 02, ප.ව. 1:38