2025 පෙබරවාරි 11, ප.ව. 11:32
යුක්රේනය යුද්ධය අවසන් කිරීම සඳහා එකඟතාවයකට පැමිණියත්, නැතත්, යුක්රේනය රුසියාවට අයිති වුණත්, නැතත් ඇමරිකාව ලබාදුන් ආධාර සඳහා යමක් අවශ්‍ය බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ෆොක්ස් නිව්ස් ආයතනය සමග කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ඇමරිකාව විශාල ආධාර ප්‍රමාණයක් යුක්රේනය වෙනුවෙන් කරන හෙයින් ඒ සඳහා ප්රත්යුපකාරයක් ලබා නොගන්නේ නම් ඇමරිකාව මුග්ධයකු සේ පෙනෙන බවයි.
ඩොලර් බිලියන 500 ක් වටිනා විරල පාංශු ලෝහ සම්පත් ලබාගැනීම සඳහා යුක්රේනය සමග එකඟතාවයක් ඇතිකරගත් බව ද ට්‍රම්ප් පවසනවා.
එමෙන්ම මේ වනවිට ද ඇමරිකාව යුක්රේනයට ඩොලර් බිලියන 300 ක තරම් ආධාර ලබාදී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.
මීට ස්වල්ප දිනකට පෙර ට්‍රම්ප් සඳහන් කර තිබුණේ ඇමරිකාව ඩොලර් බිලියන 200 ක පමණ ආධාර සිදුකර ඇති බවයි. එහෙත් එතරම් මුදලක් තම රටට නොලැබුණ බව යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කර තිබුණා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24