2025 ජනවාරි 21, ප.ව. 12:14
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමේ විධායක නියෝගයට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබුවා.
සිය ධුරයෙහි වැඩ අරඹා අත්සන් කළ පළමු විධායක තීරණ ගණනාව අතර මෙය ද එකක්. කෙසේ වෙතත් මෙම තීරණය ගැනීමෙන් පමණක් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන්නේ නැහැ.
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීම සම්පූර්ණ වීම සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුයි. ඉන් අනතුරුව නිල වශයෙන් එම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැන්විය යුතුයි. තවද මෙම මූල්‍ය වසර අවසන් වනතුරු ප්‍රතිඥා දී ඇති දායක මුදල් දිගටම ලබාදීමට ද ඇමරිකාවට සිදුවනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුදලෙන් පහෙන් එකක් පමණ ලබාදෙන්නේ ඇමරිකාවයි. ට්‍රම්ප්ගේ අදහස වන්නේ මෙය ඉතා වැඩි මුදලක් බවයි. සිය පළමු ධුර කාලය තුළදී ද ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කරගැනීමේ නියෝගයකට අත්සන් කළා. ඒ කෝවිඩ්-19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති විවේචනය කරමින්. කෙසේ වෙතත් එම නියෝගය ක්‍රියාත්මක වූයේ නැහැ. බයිඩන් ජනාධිපතිවරයා විසින් එම තීරණය හරවනු ලැබුණා.
2025 පෙබරවාරි 16, ප.ව. 1:32
2025 පෙබරවාරි 16, ප.ව. 1:10
2025 පෙබරවාරි 15, ප.ව. 12:47
2025 පෙබරවාරි 13, පෙ.ව. 7:57
2025 පෙබරවාරි 12, ප.ව. 11:57