2025 පෙබරවාරි 12, ප.ව. 11:57
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් සමග පැය එකහමාරක දුරකථන සංවාදයක නිරත වූ බවත් එහිදී යුක්‍රේනය, මැද පෙරදිග, බලශක්තිය, කෘත්‍රිම බුද්ධිය සහ ඩොලරයේ බලය යනාදී කරුණු පිළිබඳ සාකච්ඡා කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
යුක්‍රේන යුද්ධයේ සිදුවන ජීවිත විනාශය නැවැත්විය යුතු යයි ඔවුන් එකඟ වූ බව ද ට්‍රම්ප් කියා සිටියා. යුක්‍රේන අර්බුදය පිළිබඳ තම කණ්ඩායම් වහාම සාකච්ඡා අරඹන බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු තවදුරටත් කියා සිටියේ දෙදෙනාම තම තමන්ගේ රටවලට සංචාරය කරන ලෙස අනෙකා වෙත ආරාධනා කළ බවයි.
මෙම සාකච්ඡාව පිළිබඳ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වෙත දැන්වීම සඳහා තමා වහාම ඔහු අමතන බව ද ට්‍රම්ප් කියා සිටියා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24