hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 20, පෙ.ව. 10:14



හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ලබන වසරේ ජනාධිපතිවරණයට අදාලව ප්‍රාන්තයේ ඡන්ද පත්‍රිකාවල ඇතුලත් විය නොහැකි බව කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ 2021 ජනවාරි 6 වනදා සිද්ධීන්ට අදාලව එක්සත් ජනපද ආණ්ඩුවට එරෙහිව කැරළි ගැසීමේ චෝදනා අනුව ට්‍රම්ප්ව ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් කිරීමට හැකියාව ඇති බවයි.

මෙය ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයෙහි තුන්වන වගන්තියෙහි අඩංගු වන ප්‍රතිපාදනයක් වන අතර කිසියම් අයකු එක්සත් ජනපදයට එරෙහිව කැරළි ගැසූවකු හෝ ඊට අනුබල දුන්නකු රජයේ නිලයක් නොදැරිය යුතු බවට එහි සඳහන් වනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රතිපාදනය මීට පෙර භාවිතා නොකළක් වන බවයි සඳහන් වන්නේ. එහෙයින් ජනාධිපති තරගයකින් අයකු ඉවත් කිරීමට එය කෙසේ යොදාගන්නේ ද පිළිබඳ පූර්වාදර්ශයන් නොමැති බවයි කියැවෙන්නේ.

ට්‍රම්ප්ට එරෙහිව මෙවන් නඩුකර ගණනාවක් ඇමරිකාවේ විවිධ ප්‍රාන්තවල ගොනුවී තිබෙනවා. එයින් කිහිපයක් අධිකරණයේදී ප්‍රතික් ෂේප වුණා.

ට්‍රම්ප් කඳවුර පවසන්නේ එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට ජයගත නොහැකි බව දන්නා ජෝ බයිඩන් ජනාධිපතිවරයා ට්‍රම්ප්ව මැතිවරණයෙන් ඉවත් කිරීමට විවිධ උපක්‍රම යොදන බවයි. මෙම තීරණයට එරෙහිව අභියාචනය කරන බව ද ට්‍රම්ප්ගේ නීතීඥයන් පවසනවා.