hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 13, ප.ව. 6:17



යුක්‍රේනයට ආධාර ලබාදීම දිගටම සිදුවන්නේ නම් එය ත්‍යාග මුදල් ලෙස නොව ණය ලෙස ලබාදිය යුතු යයි ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

කතානායක මයික් ජොන්සන් ට්‍රම්ප්ව මුණගැසීමට ෆ්ලොරීඩාවේ ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.

ජොන්සන් ට්‍රම්ප් මුණගැසීම සඳහා ගියේ ට්‍රම්ප් හිතවාදීන් සමහර දෙනෙක් ඔහුව තනතුරින් පහ කිරීමට පිඹුරුපත් සකසන පසුබිමකයි. යුක්‍රේනයට ආධාර ලබාදීම පිළිබඳ පනත සම්මත කරගැනීමට ජොන්සන්ට අවශ්‍ය බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව කෙරෙන යුද්ධයකට ඇමරිකානු ජනතාවගේ මුදල් ලබාදීම වරදක් බව ඊට විරුද්ධ රිපබ්ලිකන් පාක්ෂිකයන් පවසනවා.

තමා හමුවීමට කතානායකවරයා පැමිණි අවස්ථාවේ ට්‍රම්ප් කියා සිටියේ ජොන්සන් හොඳ කාර්යයභාරයක් සිදු කරන බවයි. තම සහය ඔහුට හිමිවන බව ට්‍රම්ප් සඳහන් කළා.