hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 29, පෙ.ව. 9:48



මෙම වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් ජයගතහොත් තම ධුර කාලය තුළදී චීනයෙන් ගෙන්වන භාණ්ඩ සඳහා සියයට 60ක තීරුබද්දක් පැනවීමට කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි වොෂිංටන් පෝස්ට් පුවත්පත සඳහන් කරනවා.

මෙවැනි බද්දක් පැනැවුවහොත් එයින් ඇතිවන බලපෑම ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ඇතිවූ වෙළෙඳ යුද්ධයෙහි බලපෑමටත් වඩා වැඩිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් කිහිපදෙනකුම එම පුවත්පත සමග අදහස් දක්වමින් පවසා තිබෙනවා.

ට්‍රම්ප්ගේ මතය වන්නේ තීරුබදු ඇමරිකානු රජයෙහි ආදායමේ වැදගත් කොටසක් වන නමුත් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව එරට පනවා ඇති බද්ද අඩු බවයි.

ඇමරිකාවේ තුන්වැනියට විශාලම විදේශීය වෙළෙඳාම පවතින්නේ චීනය සමගයි. පසුගිය නොවැම්බරයේදී ඇමරිකානු විදේශ වෙළෙඳාමෙන් සියයට 11.7 ක් චීනය සමග සිදුවුණා.