hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 මාර්තු 06, ප.ව. 12:02



2024 ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් සහ ඩිමොක්‍රැටික් පක්ෂවල අපේක්ෂකයන් තෝරාගැනීමේ ප්‍රයිමරි මැතිවරණවල විශාල තරග සංඛ්‍යාවක් පැවැත්වෙන සුපිරි අඟහරුවාදා ඊයේට යෙදී තිබුණා.

මෙහිදී වැඩි අවධානය යොමුවූයේ රිපබ්ලිකන් පක්ෂයේ තරගය දෙසයි.

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තරගය පැවති ප්‍රාන්ත පහළවෙන් වර්මොන්ට් හැර අනිකුත් ප්‍රාන්ත සියල්ලම ජයගෙන ඇති බවක් පෙනී යනවා. වර්මොන්ට් ප්‍රාන්තයේදී පමණක් ඔහුගේ ප්‍රතිවාදියා වන නිකී හේලි ජයග්‍රහණය කළා.

මේ අතර ජනාධිපති ජෝ බයිඩන් ඩිමොක්‍රටික් ප්‍රයිමරිවල පහසු ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඔහුට එරෙහිව එම පක්ෂයෙන් ප්‍රබල ප්‍රතිවාදියකු නැහැ.

මේ අනුව 2024 ජනාධිපතිවරණය නැවත වරක් ට්‍රම්ප් සහ බයිඩන් අතර තරගයක් වන බවක් පෙනී යනවා.