hit counter

2026 සැප්‍තැම්‍බර් මස 16 වන බදාදා

2025 ජූලි 28, ප.ව. 11:38



යුක්‍රේන යුද්ධය නතර කිරීමට තවත් දින දහයක්, දොළහක් වැනි කාලයක් තුළදී නොහැකි වුවහොත් රුසියාවට එරෙහි සම්බාධක සහ ද්විතීයික තීරුබදු පනවන්නේ යැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් හමුවූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

ජූලි මස මැදදී ට්‍රම්ප් යුද්ධය නිමා කිරීම සඳහා රුසියාවට දින 50 ක කාලයක් ලබා දුන්නා. නමුත් ඔහු පවසන්නේ දින 50 ක් ගියද රුසියාවේ පිළිතුර නොවෙනස් වන බව දන්නා හෙයින් එතරම් කල් බලා සිටීම අර්ථ විරහිත බවයි.