hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 26, ප.ව. 6:18



එළඹෙන ජූලි 4 වනදා පැවැත්වෙන මහමැතිවරණයෙන් කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කළහොත් නැවතත් අනිවාර්යය යුධ සේවය හඳුන්වා දීමට කටයුතු කරන බව අගමැති රිෂී සුනාක් පවසනවා.

සියයට විස්සකින් පමණ ලේබර් පක්ෂයට වඩා ජනප්‍රියත්වයෙන් පහත වැටී ඓතිහාසික පරාජයක් අබියස සිටින සුනාක් සිය ජයග්‍රහණය සලසා ගැනීම සඳහා දෙන ඡන්ද පොරොන්දුවක් ලෙස මෙය පෙනී යන බවයි ඇතැම් විචාරකයන් කියා සිටින්නේ.

වසරකට පවුම් බිලියන 2.5 ක් වැයවන බව ඇස්තමේන්තු කර ඇති මෙම වැඩපිළිවෙල ඔස්සේ වයස 18 සම්පූර්ණ වන සියළු බ්‍රිතාන්‍ය ජාතිකයන් එක්කෝ සන්නද්ධ හමුදාවට බැඳීමට හෝ නැතහොත් පොලිසිය​, ජාතික සෞඛ්‍ය සේවය වැනි පොදු ආයතනයකට සතියකට දිනයක් ස්වේච්ඡාවෙන් සේවය කිරීමට බැඳී සිටිය යුතුයි.

මෙම වැඩපිළිවෙල මගින් රටේ ජාතික ප්‍රෞඪත්වය නැවත වර්ධනය වේ යයි සුනාක් විශ්වාසය පළකරනවා.

මීට දින කිහිපයකට පෙර එරට ආණ්ඩුව හදිසි තත්ත්වයක් වෙනුවෙන් දින තුනකට සෑහෙන ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නා ලෙස ද බ්‍රිතාන්‍යයන්ට දන්වා සිටියා.