hit counter

2026 ජූලි මස 24 වන සිකුරාදා

2024 මාර්තු 28, ප.ව. 11:58



දකුණු කොරියාව සතුව ඇති පේට්‍රියට් මිසයිල නාශක පද්ධති තමන් වෙත ලබාදෙන ලෙස යුක්‍රේන විදේශ අමාත්‍ය දිමිත්‍රි කුලේබා දකුණු කොරියාවෙන් ඉල්ලා තිබෙනවා.

කුලේබා පවසන්නේ මෙම අවි තමන් වෙත එන මිසයිල විනාශ කිරීමට භාවිතා කරන බැවින් මනුශ්‍ය ඝාතක අවි ලෙස සැලකිය නොහැකි බවයි.

දකුණු කොරියාව යුක්‍රේන යුධ ප්‍රයත්නයට සහය දුන්න ද ප්‍රතිපත්තියක් ලෙස මනුශ්‍ය ඝාතක අවි සපයන්නේ නැහැ.

කෙසේ වෙතත් යුක්‍රේන විදේශ ඇමතිවරයා පෙන්වා දුන්නේ කොරියානු යුධ සමයේදී මිත්‍ර රටවල් දකුණු කොරියාවට මනුශ්‍ය ඝාතක අවි ලබා නුදුන්නේ නම් උතුරු කොරියාව විසින් දකුණු කොරියාව අල්ලාගන්නට ඉඩ තිබුණ බවයි.

උතුරු කොරියාව රුසියාවට අවි සපයන බැවින් දකුණු කොරියාව යුක්‍රේනය වෙත අවි ලබාදීමේ වරදක් නැති බව ද ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් රටක් එවන් තීරණයකට එළඹෙන්නේ ස්වදේශයෙහි පවතින තත්ත්වයන් සලකා බැලීමෙන් පසුව බව තමන්ට වැටහෙන්නේ යයි ද කුලේබා සඳහන් කරනවා.