2023 දෙසැම්‍බර් 26, ප.ව. 3:28
ක්‍රිමියා අර්ධද්වීපයෙහි ෆෙයදෝසියා නගරයට අද අළුයම් කාලයේ යුක්‍රේන ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වනවා.
ඩ්‍රෝන සහ මිසයිල යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කළේ යයි විශ්වාස කෙරෙන අතර අළුයම් කාලයේ දැවැන්ත පිපිරීමක් සිදුවූයේ යයි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන වීඩියෝ දර්ශන මගින් පෙන්නුම් කෙරෙනවා. යුක්‍රේනය පවසා සිටියේ රුසියාවේ යුධ ටැංකි ගොඩබැස්විය හැකි නෞකාවක් වන නොවෝචෙර්කස්ක් නෞකාව ප්‍රහාරයෙන් විනාශ වූ බවයි.
නෞකාවට හානි සිදුව ඇතත් තත්ත්වය පාලනක කෙරුණ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. එමෙන්ම මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පැමිණි යුක්‍රේන Su-24 ගුවන් යානා දෙකක් ද බිම හෙලන ලද බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යංශය කියා සිටින්නේ.
ක්‍රිමියාවේ රුසියානු ආණ්ඩුකාර සර්ගේයි අක්සියොනෆ් කියා සිටියේ මෙම ප්‍රහාරයෙන් අයෙක් මියගොස් ඇති බවයි. එමෙන්ම ෆෙයදෝසියා වරාය ප්‍රදේශය වසාදමා ඇතැයි ද ඔහු නිවේදනය කළා.
2026 ඔක්තෝබර් 24, ප.ව. 12:27
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 7:31
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15