hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 04, ප.ව. 10:53



ඇමරිකානු ආධාර නැවතුණහොත් යුක්‍රේනයට විකල්ප සැලැස්මක් නොමැති බව යුක්‍රේන විදේශ ඇමති දිමිත්‍රි කුලේබා සඳහන් කරනවා.

CNN පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ ඇමරිකාව ඇතුළු බටහිර කඳවුර යුක්‍රේනයට උපකාර කළ යුතු බවත්, එය පුණ්‍ය කටයුත්තක් නොව නේටෝවේ ආරක්ෂාවට හේතුවන බවත් ය​.

එමෙන්ම ඇමරිකාව ඇතුළු රටවල් යුක්‍රේනයට ආධාර කිරීමට ඔවුන්ට ඇති හැකියාව පිළිබඳ විශ්වාස කළ යුතු යයි ද කුලේබා පවසනවා.

ඇමරිකාව සතුව මේ මොහොතේ පවතින ආධාර අවසන් බව එරට නොබෝදා දන්වා තිබුණා. මේ අතර ඇමරිකානු කොන්ග්‍රසයේ රිපබ්ලිකන්වාදීන් සමහරෙක් එරට දකුණුදිග දේශසීමාව ආරක්ෂා කිරීමට වියදම් නොකර යුක්‍රේනයට ආධාර දීම විවේචනය කරනවා. ඒ හේතුවෙන් යුක්‍රේනයට යවන ආධාර නැවති ඉතිබෙනවා.

කෙසේ වෙතත් මේ වනවිට මෙම ආධාර පිළිබඳ කිසියම් එකඟතාවයක් කොන්ග්‍රසය තුළ ඇතිවීමේ අවකාශයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වනවා.