hit counter

2025 ඔක්‍තෝබර් මස 15 වන බදාදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 8:04



යුක්‍රේනයට ජර්මනියෙන් ලැබෙන ලෙපාර්ඩ්-2 ආදී යුධ ටැංකි සඳහා පුහුණු සෙබළුන් සොයාගැනීම අපහසු වී ඇති බවට ජර්මන් පුවත්පතක් වන ඩී වෙල්ට් පවසනවා.

නවීන යුධ ටැංකි භාවිතයේ පුහුණු සෙබළුන් අඩුකම සහ යුක්‍රේන හමුදා වෙත සිදුවන ජීවිත හානි මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා.

යුක්‍රේනය පුද්ගලයන් 450,000 ක් – 500,000 ක් අතර ප්‍රමාණයක් යුධ සේවයට කැඳවීමේ සැලසුම් නොබෝදා ප්‍රකාශයට පත් කළා.

කෙසේ වෙතත් යුධ හමුදාවට බඳවාගැනීමේ දුර්වලතා කාලයක් තිස්සේ පැවති බවයි ඩි වෙල්ට් හි කියෙව් වාර්තාකරු පෝල් රොන්ස් හයිමර් වාර්තා කර තිබෙන්නේ.

ජර්මනියේ ලෙපර්ඩ්-2 යුධ ටැංකි සඳහා පුහුණු කිරීමට අවශ්‍ය පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇතත් එහි පුහුණුවන්නේ සම්පූර්ණ ධාරිතාවෙන් භාගයක් පමණ පිරිසක් බව වාර්තා වනවා. එනම්, යුධ ටැංකි ක්‍රියාත්මක කිරීමට පුහුණුවීම සඳහා පවා ප්‍රමාණවත් තරම් සෙබළුන් එවීමට යුක්‍රේනය අපොහොසත්ව තිබෙනවා.