hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 25, පෙ.ව. 11:29



තම හමුදා “පල්යනිත්සා” නම් අලුත් ඩ්‍රෝන මිසයිලය යොදාගෙන රුසියානු ඉලක්ක වෙත පහරදීම ඇරඹූ බවත් එම මුල් ප්‍රහාරය සාර්ථක වූ බවත් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ඊයේ සඳහන් කළා.

සෝවියට් දේශයෙන් යුක්‍රේනය නිදහස ප්‍රකාශ කිරීමේ 33 වන සංවත්සර අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියා.

යුක්‍රේනයේ ප්‍රසිද්ධ පාන් වර්ගයක නමින් නම් කර ඇති මෙම ඩ්‍රෝන මිසයිලයේ කිලෝග්‍රෑම් 20 ක යුධ හිසක් පවතින්නේ යයි විශ්වාස කෙරෙනවා.

සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ බටහිර රටවලින් තමන්ට ආයුධ ලැබීමේ වේගය අඩුවන විට ඊට විකල්ප තිබිය යුතු බව සහ මෙම ඩ්‍රෝන මිසයිලය ඊට හොඳ විකල්පයක් බවයි.