hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 6:00



යුක්‍රේනය 2024 වසරේදී තවත් ප්‍රතිප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට ඉඩ ඇති බව ජර්මන් පුවත්පතක් වන ඩී වෙල්ට් පවසනවා.

මියුනික් ආරක්ෂක සමුළුවෙහි ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස කටයුතු කරන ජර්මන් ආරක්ෂක උපදේශක නිකෝ ලාන්ග එම පුවත්පත සමග කළ සාකච්ඡාවකදී පෙන්වා දී ඇත්තේ යුක්‍රේනයට දැනටත් සැලකිය යුතු යුධ උපකරණ ප්‍රමාණයක් ඇති බව සහ තවත් යුධ ආධාර ලැබීමට නියමිත බවයි.

යුක්‍රේනය මීළඟ ප්‍රතිප්‍රහාරය සඳහා අවශ්‍ය යුධෝපකරණ ඒකරාශී කරමින් සිටින්නට ඉඩ ඇති බවත් බොහෝ විට එම ප්‍රහාරය කර්සොන් දෙසින් ද්නීපර් නදිය තරණක කරමින් එල්ල කිරීමට ඉඩ ඇති බවත් මෙම උපදේශකයා පවසා සිටිනවා.

මේ අතර ජර්මනියේ “බිල්ඩ්” සඟරාව ද යුක්‍රේන ප්‍රතිප්‍රහාරයක් ගැන අනාවැකි පළ කරනවා. ඔවුන් නව මෙහෙයුමක් සැලසුම් කරමින් සිටින්නට ඉඩ ඇති බවත් මෙහිදී භූමිය මුදාගැනීමට වඩා රුසියාවට හැකි උපරිම හානි සිදුකිරීම අපේක්ෂාව වනු ඇති බවත් එම සඟරාව විසින් පළකරන ලද වාර්තාවක කියැවෙනවා.

යුක්‍රේන නිලධාරියකු බිල්ඩ් සඟරාව සමග පවසා ඇත්තේ 10 ට 1 අනුපාතයෙන් රුසියානුවන්ට හානි සිදුකළ හැකි නම් සටන් පෙරමුණ ඔස්සේ ඉදිරියට යාම පහසුවෙන් සිදුවනු ඇති බවයි. නමුත් 1 ට 1 අනුපාතයෙන් හානි සිදුකිරීමෙන් යුක්‍රේනයට පසුබසින්නට සිදුවන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතර භූමිය අල්ලාගැනීමට වඩා සටන් කරමින් සිය පිරිස් බලය හැකි පමණ ආරක්ෂා කරගැනීම යුක්‍රේනයේ බලාපොරොත්තුව බව තවත් බලධාරියකු “බිල්ඩ්” සමග පවසා තිබෙනවා.