2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 9:40
බේල්ගොරද් නගරයට ඊයේ එල්ල වූ ප්‍රහාරය සඳහා පොකුරු බෝම්බ යුධ හිස් යොදාගෙන ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසනවා. ජාත්‍යන්තර නීතියෙන් තහනම් කරන ලද අවියක් යොදාගෙන සිවිල් ඉලක්ක වෙත පහරදීම අපරාධයක් බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියා.
පොකුරු බෝම්බ භාවිතය තහනම් කිරීම පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමට රටවල් 110 ක් අත්සන් තබා තිබෙනවා. කෙසේ වෙතත් ඇමරිකාව සහ රුසියාව ඊට අත්සන් තබා නැහැ. ඇමරිකාව විසින් මීට මාස කිහිපයකට පෙර යුක්‍රේනය වෙත පොකුරු බෝම්බ ලබාදුන් අතර එහිදී සඳහන් වූයේ රුසියානුවන් විසින් බිම් බෝම්බ ඇතිරූ ප්‍රදේශයන් හි එම බිම් බෝම්බ පුපුරවා හැරීමට එම බෝම්බ භාවිතා වනු ඇති බවයි.
යුක්‍රේනය විසින් එල්ල කළ රොකට් සහ මිසයිලවලින් වැඩි ප්‍රමාණයක් බිම හෙළීමට තමන් සමත් වූ නමුත් කිහිපයක්ම නගරය වෙත ළඟා වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසා සිටියා.
මේ අතර බේල්ගොරද් ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇතැයි එම පළාතේ ආණ්ඩුකාර ව්‍යචෙස්ලාව් ග්ලාද්කෆ් පවසනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48