2022 ජූනි 28, ප.ව. 1:09
යුක්‍රේනයේ Kremenchuk නගරයේ සාප්පු සංකීර්ණයකට මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිවිල් වැසියන් 1,000 ක් පමණ කාර්යබහුල සාප්පු සංකීර්ණය තුළ සිටි බව ගණන් බලා ඇති බව
යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කර තිබෙනවා.
ජර්මනියේ රැස්වී සිටින G7 කණ්ඩායමේ නායකයින් ප්‍රහාරය පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇති අතර අහිංසක සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධයක් යැයිද ඔවුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24