hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2024 අප්‍රේල් 11, ප.ව. 9:28



රුසියාව අභ්‍යන්තරයේ තෙල් පිරිපහදු ආදියට කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරවලින් යුද්ධය පවත්වාගැන යාම සඳහා එරටට ඇති හැකියාව බරපතල ලෙස අභියෝගයකට ලක්ව නැති බව ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.

ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ සහකාර ආරක්ෂක ලේකම් සෙලෙස්ටේ වොලන්ඩර් පවසන්නේ මෙතෙක් යුක්‍රේනය විසින් රුසියාව තුළට එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරවලින් රුසියානු හමුදාවන්ට බලපෑමක් වී ඇතැයි නොපෙනෙන බවයි.

ප්‍රහාරයන්ට ලක්වන ස්ථාන කඩිනමින් අලුත්වැඩියා කිරීමට ද රුසියාව සමත් වන බව දිස්වන්නේ යයි ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුවේ සැසියකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නා.

ජනවාරියේ පමණ සිට යුක්‍රේනය රුසියාව තුළ තෙල් පිරිපහදු ආදී සිවිල් ඉලක්ක වෙත පහර දීමට පටන්ගෙන තිබෙනවා. යුක්‍රේනය පවසන්නේ යුද්ධයට බලශක්තිය අවශ්‍ය බැවින් එම ප්‍රහාර සාධාරණ බවයි.