hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 25, ප.ව. 11:40



ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු යයි එක්සත් ජාතීන් ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යෝජනාවක් සම්මත කර තිබෙනවා.

චීනය සහ රුසියාව විසින් පිළියෙල කළ යෝජනාවට රටවල් 14 ක සහය ලැබුණ අතර ඇමරිකා එක්සත් ජනපදය එයට එරෙහිව නිශේධ බලය පාවිච්චි කළේ නැහැ. එරට ඡන්දය දීමෙන් වැළකී සිටියා.

මෙම යෝජනාවට අනුව රාමසාන් මාසයේ ඉතිරි දිනවලට බලපාන සටන් විරාමයක් ගාසා තීරයෙහි ඇතිකළ යුතු අතර මානුශීය ආධාර ද ලබාදීම වේගවත් කළ යුතුයි.

ඇමරිකාව දිගටම රෆා නගරයට එරෙහිව එල්ල කළ හැකි ප්‍රහාරයකට සිය විරෝධය දක්වනවා. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීමේ සාකච්ඡා සඳහා වැඩි අවධානය යොමු කිරීම බවයි පෙනී යන්නේ.

මෙම යෝජනාව සම්මත වීමත් සමග ඊශ්‍රායලය එයට සිය විරෝධය දැක්වූ අතර ඇමරිකාවට පිටත්ව යාමට නියමිත වූ දූත කණ්ඩායමක ගමන අවලංගු කිරීමට ද කටයුතු කළා.