2025 දෙසැම්‍බර් 07, ප.ව. 12:01
ඇමරිකාව විසින් ස්වකීය 2025 ජාතික ආරක්ෂක මූලෝපාය ලියවිල්ල ප්‍රසිද්ධ කරනු ලැබුණා. එහි අඩංගු ඇතැම් කරුණු පිළිබඳ යුරෝපය තුළ අවධානයක් මතුව තිබෙනවා.
ඇමරිකාව විසින් මෙම ලියවිල්ල තුළදී චීනය සහ රුසියාව සිය මූලෝපායික ප්‍රතිවාදීන් ලෙස හඳුන්වා නොදීම යුරෝපය තුළ යම් කතාබහකට ලක්ව තිබෙනවා.
එමෙන්ම යුරෝපයේ ඇතැම් රටවල් වර්තමානයේ අනුගමනය කරන ප්‍රතිපත්ති වෙනස් නොකළහොත් ඒවා අනාගතයේදී සිය මිත්‍ර රාජ්‍ය ලෙස සැලකීමට ගත නොහැකි තරම් දුර්වල වනු ඇති බව මෙම ලියවිල්ලෙහි සඳහන්.
ඇමරිකාවේ සහය නොමැතිව ස්වකීය ආරක්ෂාව සලසාගැනීමට යුරෝපයට සිදුවන බවට මෙය ඉඟියක් යැයි යුරෝපය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.
මේ අතර රොයිටර්ස් පුවත් සේවය නොබෝදා වාර්තා කළේ 2027 වනවිට නේටෝ සංවිධානයේ ආරක්ෂක යාන්ත්‍රණවලින් වැඩි ප්‍රමාණයකින් ඉවත් වීමට ඇමරිකාව අදහස් කරගෙන සිටින බවයි. යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ මූලික වගකීම යුරෝපයටම පැවරිය යුතු යැයි ඇමරිකාව අදහස් කරන බවයි සඳහන් වන්නේ.
2026 ජනවාරි 21, පෙ.ව. 9:16
2026 ජනවාරි 20, ප.ව. 8:39
2026 ජනවාරි 18, ප.ව. 11:55
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02