hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2024 ජනවාරි 24, පෙ.ව. 7:54



ඉරාකයේ ඉරාන හිතවාදී කණ්ඩායම් ඉලක්ක කරගෙන ඇමරිකානු ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඇමරිකාව පවසන්නේ නොබෝදා ඉරාකයේ අල් අසාද් කඳවුර ඉලක්ක කරගෙන එල්ල වූ රොකට් ප්‍රහාරයන්ට එකටෙක කිරීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බවයි.

කටීබ් හිස්බුල්ලා සහ වෙනත් කණ්ඩායම් මෙසේ ඉලක්ක කරගත් බව ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සඳහන් කළා.

නොබෝදා අල් අසාද් කඳවුරට එල්ල කළ ප්‍රහාරවලින් ඇමරිකන් සෙබළුන් තුවාල ලද බව ඇමරිකාව සඳහන් කර තිබුණා.

ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව නිරන්තරයෙන්ම ඉරාකයේ ඇමරිකානු සෙබළුන් රැඳී සිටින කඳවුරු වෙත ඉරාන හිතවාදී මිලිෂියා කණ්ඩායම්වල ප්‍රහාර එල්ල වනවා.