hit counter

2026 ජූලි මස 14 වන අඟහරුවාදා

2025 ජූනි 08, පෙ.ව. 10:43



ටික් ටොක් සමාජ ජාලයෙහි වැඩිම ග්‍රාහක පිරිසක් සිටින කාබි ලාමේ ඇමරිකාවේ ලාස් වේගස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රඳවාගන්නා ලද බව ඇමරිකානු සංක්‍රමණ සහ රේගු බලාධිකාරය (ICE) තහවුරු කර තිබෙනවා.

ඔහුගේ වීසා කාලය ඉක්මවා ඔහු එරට රැඳී සිටීම ඊට හේතුවයි. ලාමේ ඇමරිකාවට ඇතුල් වී ඇත්තේ අප්‍රේල් 30 වනදායි.

කෙසේ වෙතත් ලාමේට එරටින් පිටව යෑමට අවස්ථාව දුන් බව සහ ඔහු ඇමරිකාවෙන් මේ වනවිට පිටව ගොස් ඇති බව ද සංක්‍රමණ සහ රේගු බලාධිකාරය සඳහන් කළා.

සෙනගාලයේ උපන්නකු වන ලාමේ ඉතාලි පුරවැසියකු ද​ වනවා.