2026 ජනවාරි 03, ප.ව. 2:04
ඇමරිකා එක්සත් ජනපදය විසින් වෙනෙසුවේලාව වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා.
අද වෙනෙසුවේලාවේ වෙලාවෙන් අලුයම 2 ට පමණ මෙම ප්‍රහාර ඇරඹුණා. කරාකස් නගරයේ ඉලක්ක කිහිපයකට මෙන්ම ලා ගුවයිරා, මරකේ ආදී ප්‍රදේශයන් වෙත ද ප්‍රහාර එල්ල වී ඇතැයි වාර්තා වුණා.
තවද, ඇමරිකානු චිනූක් හෙලිකොප්ටර කරාකස් අගනුවරට ඉහළ අහසේ දැකිය හැකි වූ බවත් දැනගන්නට තිබෙනවා.
කරාකස් හි ප්‍රධානම මිලිටරි කඳවුර වන ෆුවර්තේ ටියුනා වෙත ද ප්‍රහාර එල්ල වූ බවයි වෙනෙසුවේලාවෙන් ලැබෙන වාර්තා පවසන්නේ.
2026 මැයි 19, ප.ව. 6:12
2026 මැයි 17, ප.ව. 10:12
2026 මැයි 17, ප.ව. 9:49
2026 මැයි 10, ප.ව. 4:58
2026 මැයි 04, පෙ.ව. 10:41