hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 ජනවාරි 23, ප.ව. 11:53



යේමනයේදී සිදුකිරීමට අවශ්‍ය වූ ඝාතන සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඇමරිකානු කුලී හේවායන් යොදාගෙන ඇති බව බීබීසී ආයතනය පවසනවා.

ඇමරිකානු කුලී හේවායන් විසින් ස්වදේශීය යේමන කණ්ඩායම්වලට “ත්‍රස්ත විරෝධී කටයුතු” මුවාවෙන් මෙවැනි ඝාතනවලට අවශ්‍ය පුහුණුව ලබාදී ඇති බවත් ඒ හේතුවෙන් එරටෙහි දේශපාලන ඝාතන ඉහළගොස් ඇති බවත් එම වාර්තාව මගින් පෙන්වා දෙනවා.

එමෙන්ම අල් කයිඩා සහ සංවිධාන මර්ධනය කිරීමට යයි කීවද මෙම පුහුණුවේ මූලික අරමුණ හූති ව්‍යාපාරයට සම්බන්ධ පුද්ගලයන් ආදී විරුද්ධවාදීන් ඝාතනය කිරීම බවත් ඒ සඳහා හිටපු අල් කයිඩා සාමාජිකයන් පවා යොදවාගෙන ඇති බවත් බීබීසී වාර්තාව වැඩිදුරටත් හෙළිකරනවා.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.