2025 ජනවාරි 30, ප.ව. 4:11
ඇමරිකාවේ වොෂිංටන් ඩී.සී. අගනුවර අසළ රේගන් වොෂිංටන් ජාතික ගුවන් තොටුපල වෙත ගමන් කරමින් තිබූ මගී ගුවන් යානයක් මිලිටරි හෙලිකොප්ටරයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් යානාවල සිටි සියළු දෙනා මියගොස් ඇතැයි සැකකෙරෙනවා.
පුද්ගලයන් 64 දෙනකු ගමන් කළ මගී යානය පොටෝමැක් නදියට කඩාවැටී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එය කැන්සාස් හි විචිටා සිට පැමිණෙමින් තිබුණා.
මෙම ගුවන් යානයෙහි ඇමරිකානු හිම මත ලිස්සා යාමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනකු ද වූ බව සඳහන් වනවා. එමෙන්ම එම ක්‍රීඩාවේ හිටපු ලෝක ශූරයන් වූ රුසියානු ජාතික යෙව්ගෙනියා ශිෂ්කෝවා සහ වදීම් නවුමෝෆ් යන දෙදෙනා ද එහි සිටි බවයි වාර්තා වන්නේ.
සෝවියට් දේශයේ හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩිකාවක වූ ඉන්නා වොල්යන්ස්කායා ද මෙම යානයේ සිටි බව විශ්වාස කෙරෙනවා. ඇය ඇමරිකාවේ වොෂිංටන් හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩා සමාජයේ පුහුණුකාරිය ලෙස කටයුතු කළ බවයි සඳහන් වන්නේ.
2026 ජනවාරි 16, පෙ.ව. 11:25
2026 ජනවාරි 14, පෙ.ව. 11:02
2026 ජනවාරි 14, පෙ.ව. 10:52
2026 ජනවාරි 13, ප.ව. 6:37
2026 ජනවාරි 13, පෙ.ව. 8:01