2025 පෙබරවාරි 05, ප.ව. 6:34
ගාසා තීරය ඇමරිකානු පාලනය යටතට ගන්නා බව අද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ එම ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර එය සාමකාමී ප්‍රදේශයක් බවට පත් කරන බවයි. ලෝකයේම ජනයාට එහි ජීවත් විය හැකි අයුරින් එය ගොඩනංවන බව පැවසූ ඔහු එය මැදපෙරදිග රිවියේරාව බවට පත්කරන්නේ යයි සඳහන් කළා.
එමෙන්ම ගාසා තීරයේ දැනට ජීවත් වන වැසියන් ඊජිප්තුව සහ ජෝර්දානය විසින් බාරගත යුතු යයි ද ඔහු කියා සිටිනවා.
මේ සමගම ඊශ්‍රායල – පලස්තීන අර්බුදය විසඳීම සඳහා වන රාජ්‍ය දෙකේ විසඳුම ද අහෝසි වී යනු ඇති. කෙසේ වෙතත් සවුදි අරාබිය මෑතදී අවධාරණය කළේ තමන් දිගටම පලස්තීන රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින බවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24