2023 ඔක්‍තෝබර් 15, ප.ව. 12:18
ගාසා තීරය පිළිබඳ ඇතිව ඇති යුධමය තත්ත්වය කලාපයට පැතිරීම වළක්වන්නට ඇමරිකා එක්සත් ජනපදය උත්සාහ කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පැවසුවා.
ඇමරිකා එක්සත් ජනපදය ජෙරාල්ඩ් ෆෝර්ඩ් ගුවන් යානා ගෙනයන නෞකාව ගාසා දෙසට එවීමට මීට පෙර කටයුතු කර තිබූ අතර මේ වනවිට ඩ්වයිට් ඩී අයිසන්හවර් නෞකාව ද එහි එවන බව සනාථ වී තිබෙනවා.
ඇමරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් තහවුරු කර සිටියේ ඒවායෙහි අරමුණ ගැටුම පැතිරීම වැළක්වීම බවයි.
ඇමරිකාවේ අරමුණ හිස්බුල්ලා සංවිධානය, සිරියාව සහ ඉරානය මෙම ගැටුමට මැදිවීම වැළකීම බවයි අල් ජසීරා පුවත් සේවය කියා සිටින්නේ.
මේ අතර ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානමින් සිටිනවා.
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56
2026 ජනවාරි 04, පෙ.ව. 11:30
2026 ජනවාරි 04, පෙ.ව. 11:14
2026 ජනවාරි 03, ප.ව. 3:59