hit counter

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 03, ප.ව. 3:59



ඉරානය නැවතත් ඊශ්‍රායලයට පහර දුනහොත් එයින් පසුව ඊශ්‍රායලයේ ප්‍රතිචාරය දරුණු විය හැකි බවත් එය නැවැත්වීමට තමන්ට හැකියාවක් නොමැතිවනු ඇති බවත් ඇමරිකානු බලධාරීන් ඉරානයට දන්වා ඇතැයි වාර්තා වනවා.

ඔක්තෝබර් 26 වනදා තම රටට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට පිළිතුරු දෙන බවට ඉරානය සඳහන් කර තිබෙනවා. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි හමනේයි සෙනසුරාදා මේ බව නැවත වරක් අවධාරණය කළා.

එමෙන්ම ඉරානයේ ඊළඟ ප්‍රතිචාරයට ඉරාකයෙහි සහ යේමනයේ තිබෙන ප්‍රොක්සි කණ්ඩායම් ද යොදාගන්නට ඉඩ තිබෙන බව වාර්තා වනවා.

ඔක්තෝබර් 1 වනදා ඊශ්‍රායලය වෙත ඉරාන ප්‍රහාරයක් එල්ල වූ අතර හමාස් නායක ඉස්මයිල් හනියේ සහ හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමට ප්‍රතිචාරයක් ලෙස එය සිදුවූ බවයි සැලකෙන්නේ. ඊශ්‍රායලය ඔක්තෝබර් 26 වනදා ඊට ප්‍රතිචාර ලෙස ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළා.